මද්දුමගේ ලසන්න චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කාගේ මව සහ සහෝදරිය රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර DNA සඳහා අවශ්‍ය අදාළ රුධිර සාම්පල ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඒ අනුව එම රුධිර සාම්පලවලින් ලබා ගන්නා DNA රටා ඉදිරියේදී ඉන්දියානු බලධාරීන් වෙත යැවීමට නියමිතයි.
ඒ අනුව අදාළ මරණය සනාථ කරගැනීමට හැකියාව ලැබෙන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසූවේ.
ඉන්දියාවේදී මියගිය බවට තොරතුරු වාර්තා වූ අංගොඩ ලොක්කාගේ මරණය සනාථ කිරීම සඳහා ඔහුගේ මවගේ සහ සොහොයුරියගේ DNA සාම්පල ලබා ගැනීම සඳහා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුව කළුතර අධිකරණය විසින් අදාළ DNA සාම්පල සඳහා රුධිර සාම්පල ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අනුමැතිය ලබාදුන්නා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්