මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීප ඥාතියෙකුගේ ඩී.එන්.ඒ සාම්පලයක් එවන ලෙස ඉන්දීය ජාතික විමර්ශණ ඒකකය මෙරටින් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දියාවේදී මියගිය බවට සැලකෙන අංගොඩ ලොක්කාගේ දේහය සම්බන්ධයෙන් වන වැඩිදුර මරණ පරීක්ෂණ කටයුතු ජීව විද්‍යාත්මක සාධක ඔස්සේ තහවුරු කර ගැනීම සදහායි.
ඒ අනූව එම සාම්පල ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට කටයුතු ආරම්භ කර ඇති බවයි පොලීසිය සදහන් කලේ.
අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ව්‍යාජ හැඳුනුම්පතක් ලබා ගනිමින් ප්‍රදීප් සිං නමින් පෙනීසිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණා.
More Stories
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්