ඉන්දියාවට පැනගිය, මෙරට සිටි ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා හෙවත් ලසන්ත චන්දන පෙරේරා මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ද නිව් ඉන්දියන් ඒක්ස්ප්‍රස් සහ ද හින්දු යන පුවත් වෙබ් අඩවි අංගොඩ ලොක්කාගේ මරණය පිළිබද වාර්තාකර තිබුණා.
අංගොඩ ලොක්කා වසර දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව තුළ ව්‍යාජ නමකින් පෙනී හිදිමින් සිට ඇති බවයි එරට පොලිසිය සිදුකළ විමර්ශනයේදී හෙළිව ඇත්තේ.
අංගොඩ ලොක්කා නම් මෙම සංවිධානාත්මක අපරාධකරු ඉන්දියාවේ ජිවත්ව ඇත්තේ ආර්. ප්‍රදීප් සිං යන ව්‍යාජ නමකින් බවයි කොයිම්බතුර් පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
ඉකුත් ජුලි මස 03 වෙනිදා අංගොඩ ලොක්කා නමැති අපරාධකරු කොයිම්බතුර් වෛද්‍ය විද්‍යාලයේ රෝහලට ඇතුලත් කොට ඇත්තේ හෘදයාබාධයක් ඇතිවී ඔහු නිවසේදී එක් වරම සිහිමුර්ජාවී ඇද වැටුණු බව පවසමින්ය. මෙහිදී එක් කාන්තාවක් රෝහල් බලධාරින්ට සඳහන් කර ඇත්තේ ඔහු තමාගේ ඥාතියෙකු බවයි.
රෝගී තත්ත්වය හේතුවෙන් මියගිය අංගොඩ ලොක්කා ගේ දේහය ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කොට රෝහලෙන් නිදහස් කර ගෙන ඇති මෙම පිරිස පසුව මදුරෙයි හිදී ඔහුගේ දේහය ආදාහනය කොට ඇති බවයි කොයිම්බතුර් පොලිසිය අනාවරණය කර ගෙන ඇත්තේ.
මියගිය අංගොඩ ලොක්කාගේ සිරුරේ කොටස් පශ්චාත් මරණ පරීක්ෂණයේදී ලබාගෙන ඇති අතර එම කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කොට ඇති බවත් මෙය සත්‍ය ලෙසම හෘදයාබාධයකින් සිදුවූ මරණයක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් සැකහැර දැන ගත හැක්කේ එම වාර්තා ලැබීමෙන් පසුව බව කොයිම්බතුර් පොලිසිය සඳහන් කර ඇත.
අංගොඩ ලොක්කා ඉන්දියාවේ ආහාර සැපයීමේ ව්‍යාපාරයක් ද පවත්වාගෙන ගොස් ඇති බවත් ඉකුත් මාර්තු මාසයේදී ඔහුගේ පෙම්වතිය බව කියන ලාංකික දෙමළ තරුණියද එරටට ගෙන්වාගෙන ඇය සමග ජිවත්ව සිට ඇති බවයි සිදුකළ විමර්ශන වලදී හෙළිව ඇත්තේ.
මොහුගේ මරණයට හේතු තවමත් අනාවරණය වී නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්