එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරින් තමා ඉල්ලා අස්වන බව අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබේ.
අද(23) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමකදී ඔහු මේබව ප්‍රකාශ කර තිබේ.
එහිදී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ තමන් මෙතෙක් එක්සත් ජාතික පක්ෂය තුළ දැරූ මහලේකම් තනතුරින් ඉවත් වීමට තීරණය කළ බවයි.
ඒ අනුව පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ ඉදිරියේදී නව මහලේකම්වරයෙක් පක්ෂයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි