රටේ ජනතාව මේ අවස්ථාවේ මූන පා සිටින ආර්ථික අර්බුධයන්ට ඉතාමත් කෙටි කාලකින් විසදුම් ලබා දී ජනතාව විඳින පීඩාවන්ගෙන් මුදා ගන්නා බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. හෙතෙම මේ අදහස් පල කළේ කොළඹ වාලුකාරාමයේ ආගමික වතාවත් වල නියුතු වී පිටතට පැමිණි අවස්තාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මෙහිදී මාධ්‍ය අග්‍රමාත්‍යවරයාගෙන් විමසා සිටියේ බහුතරය පෙන්වන්නේ කෙසේද කියයි. ඊට පිළිතුරු දුන් අගමැතිවරයා කියා සිටියේ බහුතරය පෙන්වීමට අවශ්‍ය වූ විට එය පෙන්වන බවයි.
එහිදී මාධ්‍ය පෙරලා ප්‍රශ්න කළේ ආණ්ඩුවේ සහයෙන් බහුතරය පෙන්වන්නේද කියයි. ඊට පිළිතුරු දීම වෙනුවට මාධ්‍යයට ප්රශ්නය යොමු කළ අගමැතිවරයා විමසා සිටියේ මාධ්‍ය ජනතාව දුකෙන් මිදෙනවාට අකමැතිද කියයි. දිගින් දිගටම ජනතාව මේ පීඩනයේ සිටීම මාධ්‍යයේ අවශ්‍යතාව දැයි අගමැතිවරයා මාධ්‍යයෙන් විමසා සිටියේය. මෙහිදී අගමැතිවරයා වැඩි දුරටත් සඳහාන් කළේ දැන්වත් පටු දේශපාලනය කිරීම නතර කරන ලෙසයි.
ගෝඨාගෝගමට වෙන්නේ කුමක්දැයි කළ ප්‍රශ්න කිරීමේදී අගමැතිවරයා කියා සිටියේ අරගලය දිගින් දිගටම පැවතිය යුතු බවත් ගෝඨාගෝගමට කිසිවක් නොකරන බවය.
යම් විදිහකින් රනිල් ගෝ ගමක් ඇති වුවහොත් කරන්නේ කුමක්දැයි මාධ්‍යවේදියකු අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය. එයට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමන්ගේ නිවස ඉදිරියේ මීට දින කීපයකට පෙර රනිල් ගෝ හෝම් ලෙස සටන් පාඨ රැගෙන පිරිසක් සිටි බවයි. මේ ලෙසින් සියලු දෙනාට ගෝ හෝම් කියන්න ගියොත් රටපාලනය කිරීමට ක්‍රම වේදයක් සකස් කිරීමට නොහැකි වන බවද මෙහිදී හෙතම පෙන්වා දුන්නේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්