කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6වැනි සංවත්සරය යෙදෙන අද (17) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවට එක් විය.
වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගනය, පොදු වෙරළ තීරය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යතුමා එහි ස්ථාපිත වන ඇක්වා ගොල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ ද නිරත වුණා.
අනතුරුව වරාය නගර මධ්‍ය උද්‍යානයේ අග්‍රාමාත්‍යතුමා විසින් මැයි මාර ගසක් රෝපණය කරන ලදී.
ඉදිවෙමින් පවතින වරාය නගරයේ ආදර්ශ ආකෘතිය සහිත ප්‍රදර්ශනය පීඨයට ගිය අග්‍රාමාත්‍යතුමා දැනට සිදුවන ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය වන ආකාරය ගැන විමසා සිටියේය.
චීන ජනාධිපති ෂීජිපිං මහතාගේ හා එවකට ජනාධිපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2014සැප්තැම්බර් 17වෙනිදා ය.
වරාය නගරය වෙනුවෙන් හෙක්ටයාර 269 මුහුද ගොඩකර භූමිය සකසා ඇති අතර කිලෝමීටර 3.2 ක් දිගුවන දිය කඩනයේ ඉදිකිරීම් මේ වන විට අවසන් කර තිබේ.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකවේවැඩ බලන චීන තානාපති හූ වෙයි, කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කළමනාකරණ අධ්‍යක්ෂ ජියන් හෝයි ලින්ග් මහත්වරු ඇතුළු වරාය නගර ව්‍යාපෘතියේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්