අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම නාරාහේන්පිට අභයාරාමට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැක ඇති බව වාර්තා වේ.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග පැය එකහමාරක පමණ කාලයක් සාකච්ඡා කර ඇති බව ද සඳහන්.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පසුගිය දිනවල ආණ්ඩුවට එරෙහිව කර්කෂ විවේචන එල්ල කරමින් සිටිනු දක්නට ලැබීම ද විශේෂත්වයකි. 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා යළි සක්රිය දේශපාලනයට රැගෙන ඒමේ මෙහෙයුමෙහි ප්රබල භූමිකාවක් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් ඉටු කළ අතර එවකට මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතුවල මූලස්ථානය වී තිබුණේ ද නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්