අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දිනයේ ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා.
නිදහස් ශ්‍රී ලංකාවේ 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතන පළමු අවස්ථාව මෙයයි.
වර්තමානයේ රට මුහුණ දී තිබෙන දැවැන්ත අර්බුදයේ සත්‍ය ස්වරූපය මෙන්ම එය විසඳා ගෙන නැවත ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනඟන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා.
මේ අතර රට ගොඩනැගීමේ කාර්යයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කළා.
ඒ අනුව අමාත්‍යධූර භාර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් පසුගියදා රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කරනු ලැබුවේ ආණ්ඩුවට සහයෝගය නොදැක්වීමටයි.
මේ අතර පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ දහයේ එකමුතුවේ නියෝජිතයන්ට සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර තිබෙනවා.
එම සාකච්ඡාව අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කලේ.
කෙසේ වෙතත් ඊයේ රැස් වූ එම කණ්ඩායම රටේ ආර්ථික සුභ සිද්ධිය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ගන්නා නිවැරදි ක්‍රියාමාර්ග සදහා සහය දීමට තීරණය කර ඇති බව සඳහන්.
මේ අතර ආණ්ඩු පාර්ශවය ආරම්භ කර ඇති මන්ත්‍රීවරු මුදලට බිලී බාගැනීමේ කුමන්ත්‍රණයට සමගි ජන බලවේගයේ කිසිඳු මන්ත්‍රීවරයෙකු හසු නොවන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කලේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්