කොළඹ වරාය සේවකයින්ගේ ගැටලුව සම්බන්ධයෙන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් අද (02) පැවැත්වීමට නියමිතව තිබේ.
වරාය වෘත්තීය සමිති පවසන්නේ, එහිදී තම ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදුන්හොත් දැනට ක්රියාත්මක වෘත්තිය සමිති ක්රියාමාර්ගය අවසන් කරන බවය.
ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති ලාල් බංගමුව සඳහන් කළේ තංගල්ල කාල්ටන් නිවසේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු විදෙස් රටකට ලබාදීමට විරෝධය පළ කරමින් වරායේ සේවකයින් මෙම සත්යග්රහයේ නිරත වන අතර සත්යග්රහය හේතුවෙන් වරායේ සියලු කටයුතු අඩාල වී ඇති බව වාර්තා වේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්