අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා අද සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.
ඒ අද උදෑසන 10.30ට අරලියගහ මන්දිරයේ දී. පසුගිය ඉරිදා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.
නව අමාත්‍යවරුන් හෙට දිනයේ දී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ මගුල් මඩුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.
නව අමාත්‍ය මණඩල ව්‍යුහය ඇතුලත් ගැසට් නිවේදනය ඊයේ ප්‍රකාශයට පත් කෙරිණ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්