වැඩබලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
මේ වනවිට රට තුල පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පවතින වාතාවරණය සාමාන්‍ය තත්ත්වයට පත් කරන ලෙස තමන් ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇති බවයි.
මේ අතර සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇතිකරන අවස්ථාවේදී තමන් අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට සඳුදා පක්ෂ නායක හමුවේදී ප්‍රතිඥාවක් දී ඇති බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළා.
එසේම ආරක්ෂක අංශවලින් ලද උපදෙස් අනුව තමන් හදිසි නීතිය සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කල බවද වැඩ බලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ