අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමිණි සෙනරත් මහතා යළි පත් කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් අදාල පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ගාමිණී සේදර සෙනරත් මහතා මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කටයුතු කර ඇති අතර 2004 වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය දරන කාලය තුළ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් වශයෙන් ද කටයුතු කර ඇත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්