සැලසුම් කළ පරිදි අගෝස්තු මස 01 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සාමාන්‍ය ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට නොහැකි වනු ඇතැයි ගුවන් තොටුපළ බලධාරීන් පවසනවා.
ඒ අනුව ගුවන් තොටුපළ විවෘත කිරීම තවදුරටත් ප‍්‍රමාද විය හැකි බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි පැවසුවේ. රටවල් රැසක තවදුරටත් කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිර ඇති බැවින් ගුවන් තොටුපළ විවෘත කිරීම ප‍්‍රමාද වනු ඇති බව ඔහු මෙහිදී සඳහන් කළා.
කෙසේවෙතත්, ශ‍්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා ප‍්‍රමුඛතාව ලබාදෙන බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි පැවසුවේ.
විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිළි කෙරුණා. එහිදී සඳහන් කළේ පවතින ක්‍රියාවලිය තුළ ලංකාව තුළට ගුවන් යානයක් ගෙන්වා ගන්නේ සෑම පැය 04කට හෝ 06කට සැරයක් බවයි. එලෙස පැමිණියත් දිනකට ගුවන් මගීන් සමග ගෙන්වා ගත හැක්කේ ගුවන් යානා 04ක් වැනි ප්‍රමාණයක් බවත් සඳහන් කළා.
මේ අතර ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයක් ඊයේ (27) පස්වරුවේ ඉන්දියාවේ බැංගලෝර් සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
එම යානයෙන් එක් මගියෙකු පැමිණ ඇති අතර නැවත මගීන් 54 දෙනෙකු රැගෙන එම යානය ඊයේ රාති‍්‍රයේ බැංගලෝර් වෙත පියාසර කළ බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ