පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සියලු ප්‍රචාරක කටයුතු අගෝස්තු 02 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් කළ යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසනවා.
ඉන් පසුව මැතිවරණය පැවැත්වෙන දින දක්වා නිහඬ කාලයක් තිබෙන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් එස්. රත්නායක මහතා සඳහන් කරන්නේ
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 12,985ක පැවැත්වීමට නියමිතයි.
ගණන් කිරීමේ මධ්‍යස්ථාන 71 ක් සහ ගණන් කිරීමේ ශාලා 2820ක් ස්ථාපිත කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරනවා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි