අඟුලාන, ලුණාව ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ ඊයේ රාත්‍රී 12.30 ට පමණ මාර්ග බාධක යොදා වාහන පරීක්ෂාවට ලක් කළ බවයි. එම අවස්ථාවේ පරීක්ෂාවට ලක් කළ ත්‍රීරෝද රථයක සිටි බීමත් අයෙකු පොලිස් නිලධාරියෙකුට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එහිදී පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ එම බීමත් පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, අඟුලාන ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි අයෙකි.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්