අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවයට අදාළව අත්අඩංගුවට ගත් කාන්තාවන් ඇතුළු 14 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 5ක් සහ කාන්තාවන් 9 දෙනෙකු සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
ඊයේ පස්වරුවේ පොලිසිය ඉදිරිපිට මෙලෙස උණුසුම් තත්ත්වයත් හට ගත්තේ පසුගියදා මොරටුව – ලුනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරත වූ ප්‍රදේශවාසීන් පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමත් සමගයි.
එහිදී, පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර, ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවීමට පියවර ගෙන තිබුණා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ