උතුරු මැද පළාත තුල කොවිඩ් 19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පැවතීම හේතුවෙන් ඉදිරි දින තුන තුළ අනුරාධපුර අටමස්ථානය සහ පොලොන්නරුවේ සිද්ධස්ථාන වැදපුදා ගැනීම සඳහා නොපැමිණෙන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පවසයි.
අනුරාධපුර නගරයේ ඇතුළු උතුරු මැද පළාත තුළ ගිය වසරේදීත් කොවිඩ් රෝගය පැතිර ගියේ පිට ප්‍රදේශවලින් ආ පිරිස් නිසා බව ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පවසයි.
එම හේතුවෙන් බක් පොහොයත් සමඟ යෙදෙන දීර්ඝ සති අන්තය තුළ වන්දනාවේ පැමිණෙන පිරිස වැඩි වුවහොත් රෝගීන් ගණන විශාල වශයෙන් ඉහළ යාමට ඉඩ පවතින හෙයින් මෙලෙස බැතිමතුන් සීමා කිරීමට තීරණය කළ බව ආණ්ඩුකාරවරයා පවසයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට