“බිම වැටුණු දුරකථනය ඇහිඳ ගැනීමට නැමුණු ඔහු උස්සා ෆිනෑන්ස් සමාගමේ ඉදිරිපස යකඩ ගේට්ටුවේ ගැසුවා. ඉන් පසු බිම ඇදවැටුණු ඒ මහතාගේ හිස එතැන තිබූ කොන්ක්‍රීට් බිමේ වැදුණා. ඉන්පසුව අට දෙනකු විනාඩි විස්සක් පමණ අතින් පයින් සහ කොස්සකින් ඔහුට පහර දෙනු අපි දැක්කා.”
ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ මැරප්රහාරයට ලක්වන අයුරු ඇසින් දුටුවකු එසේ මාධ්‍යට සඳහන් කර සිටියා.
සිද්ධිය ඇසින් දුටුවන් කියා සිටියේ ෆිනෑන්ස් සමාගම ඇතුළේ සිටි අයකු පළමුව පහර දුන් බවයි. එම පහර කෑ සුනිල් ජයවර්ධන බිම ඇද වැටී ඇති අතර ඔහුගේ ජංගම දුරකථනය පාරට විසි වී තිබෙනවා.
වැටුණු දුරකථනය ඇහිඳ ගැනීමට නැමුණු ඔහු උස්සා ෆිනෑන්ස් සමාගමේ ඉදිරිපස යකඩ ගේට්ටුවේ ගැසූ බවත් ඉන් පසු බිම ඇදවැටුනු ඒ මහතාගේ හිස එතැන තිබූ කොන්ක්‍රීට් බිමේ වැදුණ බවත් ඇසින් දුටුවන් සඳහන් කරනවා.
ඉන්පසුව අට දෙනකු විනාඩි විස්සක් පමණ අතින් පයින් සහ කොස්සකින් ඔහුට පහර දුන් බවද ඔවුන් පෙන්වා දෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්