ඊයේ (17) රාත්‍රී 10 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් අඩු කෙරුණා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 470 සිට රුපියල් 450 දක්වා රු. 20 කින් අඩු කර තිබෙනවා.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 10 කින් පහත හෙලා තිබෙනවා.
ඒ අනුව මෙතෙක් රුපියල් 550 ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රු. 540 ක්.
රුපියල් 460 කට අළෙවි කළ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 440 ක් දක්වා රු. 20 කින් අඩු කර තිබෙනවා.
සුපිරි ඩීසල් ලීටරයක් ද රු. 10 කින් පහත දමා ඇති අතර නව මිල ලෙස දැක්වෙන්නේ රු. 540 ක්.
මේ අතර ඉන්දියන් ඔයිල් සමාගම ද ඊයේ රාත්‍රී 10 සිට බලපැවැත්වෙන පරිදි සිපෙට්කෝ මිළ ගණන්වලට සාපේක්ෂව ඉන්ධන මිල පහත දැමීමට පියවර ගෙන තිබෙනවා.

More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක