අධිකරණයට ඉදිරිපත් කෙරුණු ස්වර්ණමහල් ආයතනයේ හිටපු අධ්යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව ප්රධාන මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා නියෝග කළා.
ඒ, එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
ඔවුන්ට සති දෙකකට වරක් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ අධිකරණය ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්ර අහෝසි කිරීමටද නියෝග කළා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි