පින්නවල අලි අනාථාගාරයේදී අද (31) නිවුන් අලි පැටවු දෙදෙනෙක්ගේ උපතක් සිදුවී තිබේ.
සුරංගි නැමැති කෙණර විසින් එම පැටවුන් දෙදෙනා බිහිකර ඇති අතර ඇයව 1997 වසරේ දී පින්නවල අලි අනාථාගාරය වෙත රැගනෙවිත් තිබුණේ වසරක පමණ වයසේ සිටියදීය.
ඒ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අතරමංව සිටියදීය.
අලුත උපන් අලි පැටවුන් දෙදෙනා සහ කෙණර යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් පැටවුන් දෙදෙනාම පිරිමි සතුන් බවත් පින්නවල අලි අනාථාගාරයේ නිලධාරීන් පැවසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්