ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. මෙවර රට තුළ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සංවත්සර සැමරුම් වැඩසටහන සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
සංවත්සර සැමරුම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පස්වරු පහට ආරම්භවීමට නියමිතයි. එහිදී හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන විශේෂ ප්රකාශයක් කිරීමටද නියමිතව තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්