වර්තමාන කාර්ය සාධනය විමර්ශනය කිරීම සඳහා අද (06දා) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට ශ්‍රීලංකන් ගුවන් සේවය කැඳවා ඇත.
ඊට අමතරව ලබන හෙට (07) වැනිදා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ අනිද්දා (08දා) ජාතික නිවාස සංවර්ධන අධිකාරියද කෝප් කමිටුව වෙත කැඳවා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්ගේ සභාපතිත්වයෙන් කෝප් කමිටුව රැස්වීමට නියමිතය.
කෝප් කමිටුවට අමතරව පාර්ලිමේන්තු කාරක සභා සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැසක් මෙම පාර්ලිමේන්තු සතිය තුළදී රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා දම්මික දසනායක සඳහන් කළේය. ඒ අනුව, අද (06දා) ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, හෙට ( 07දා ) කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවද පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක