කොරෝනා වෛරස ආසාදිත තවත් රෝගීන් 323 දෙනෙකු වාර්තා වනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 23,311ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඔවුන් සියලු දෙනා පෙරදී තහවුරු කර ගැනුණු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.
එලෙස අද දිනයේ හඳුනාගත් ආසාදිතයන් 323 දෙනාද සමගින් දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 19,773ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසනවා.
ඒ අනුව මේ වන විට රෝහල්ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 6200ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දිනයේදී තවත් ආසාදිතයන් 346 දෙනෙකු සුවය ලැබීමත් සමගින් මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 17,002ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා රෝගීන් බවට සැකය මත පුද්ගලයන් 498 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 109ක්.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග