අද දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය වන්නේ 10% ක් පමණ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙලෙස බස් රථ ධාවනය අඩුවී ඇති බවයි එසැණ කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර වැඩි කළ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දමන ආකාරය පිළිබඳව තිරණය කිරීම සඳහා අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගන්නා ආයතන වෙත අද (27) දක්වා කල් ලබදෙන බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ගැමුණු විජේරත්න සඳහන් කළේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්