බත්තරමුල්ල, බටපොත අවට ප්රදේශ කිහිපයකට අද (23) රාත්රී 10 සිට හෙට (24) පෙරවරු 6 දක්වා පැය 8ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්රවහන මණ්ඩලය දැනුම් දෙනවා.
ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාලඹේ ,ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්රදේශ සඳහා මෙම ජලකප්පාදුව බලපැවැත්වේ.
බටපොත, ජල ටැංකියට ජලය සැපයෙන ජලනළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙය සිදුකරන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ අතර, නුගේගොඩ අවට ප්රදේශ කිහිපයකට ද අද රාත්රී 10 සිට දහවල් 12 දක්වා පැය 14 ක ජල කප්පාදුවක් සිදුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලප්රවහන මණ්ඩලය දැනුම් දෙනවා.
ඒ අනුව ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, උඩහමුල්ල, ගංගොඩවිල (විජේරාම සිට නුගේගොඩ දක්වා) මාදිවෙල, තලපත්පිටිය, නුගේගොඩ, පාගොඩ, නාවල, මොරගස්මුල්ල, රාජගිරිය, කොළඹ 05, 07 හා 08 යන ප්රදේශවල ජල සැපයුම අත්හිටුවයි.
මේ අතර, කොළඹ 04, 06 සහ මහරගම සහ බොරලැස්ගමුවට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද එම මණ්ඩලය නිවේදනය කරනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්