අද දිනයේදීත් විදුලි කප්පාදුවකට අවසර ලබාදී ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.
මේ යටතේ A සිට L කලාප වලට පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය දෙකකුත් විනාඩි 30 ක් විදුලිය කප්පාදුව සිදු කෙරෙනු ඇති.
පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා පැයකුත් විනාඩි 15 ක් එම කලාප වලට විදුලිය විසන්ධි කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
P සිට W කලාප සදහා පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන්නේ පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළයි.
මේ අතර දෙසැම්බර් මාසය දක්වා ගල් අගුරු තොග පවතින බැවින් ඉදිරියේදී විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්