කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති අධ්යක්ෂවරයා එම තනතුරෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියැදුරු හා නියාමකවරුන් ඇතුළු වෘත්තීය සමිති 34 ක් අද (30 වැනිදා) වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ පැවසීය.

මෙම කාර්යාලයේ අධ්යක්ෂවරයා විසින් සිදුකර ඇති බරපතළ ගණයේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීම හා විමර්ශන නොකිරීම, අකාර්යක්ෂම විද්‍යුත් ප්‍රවේශපත්‍ර ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන හාරදහස් හාරසියයක් යටකිරීම, දුම්රිය පුරප්පාඩු පිරිවීමට කටයුතු නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය සිදුකරන බවද හෙතෙම කීවේය.
මේ සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් දෙන තාක් අඛණ්ඩව වර්ජනය ගෙන යන බවද කියයි. දුම්රිය එන්ජින් රියැදුරු සංගමය, දුම්රිය නියාමක සංගමය, පොදුජන දුම්රිය සංගමය, රත්මලාන දුම්රිය සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති 34 ක සහාය මේ සඳහා ලැබී ඇති අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු තවත් වෘත්තීය සමිති ගණනාවක් මීට සහාය දක්වා ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති