අද සිට ක්‍රියාත්මක වන පරිදි දිනකට පැයක කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කෙරේ.
විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරි කීර්ති කරුණාරත්න මහතා පැවසුවේ, දිවයිනම කලාප 4 කට වෙන්කර අවස්ථා 4කදී එම විසන්ධි කිරිම සිදුකෙරෙන බවයි.
ඒ අනුව, පස්වරු 6.00 – 7.00, පස්වරු 7.00 – 8.00, පස්වරු 8.00 – 9.00 සහ පස්වරු 9.00 – 10.00 දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලට විදුලිය විසන්ධි කෙරෙනු ඇති.
විදුලි බල මණ්ඩලයේ සමාන්‍යාධිකාරිවරයා පැවසුවේ, පද්ධතියේ ජනන සැපයුම යථාතත්ත්වයට පත් කෙරෙන තෙක්, දින 4ක් පමණ යනතෙක් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බවයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ