බස්නාහිර පළාතින් පිටවන සියලුම මාර්ග ආවරණය වන පරිදි අද සිට ස්ථාන 11 ක අහඹු රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසනවා.
ජනවාරි 05 වනදා දක්වා එය ක්‍රියාත්මක බවයි කොළඹ ඊයේ (22) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.
අධිවේගී මාර්ග – බස් හා දුම්රිය ආවරණය වන පරිදි මෙම පරීක්ෂා සිදු කෙරෙන බවද ඔහු සඳහන් කලා.
අජිත් රෝහණ මහතා සඳහන් කලේ මේ දක්වා සිදුකල රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඞ් ආසාධිතයන් 17 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග