අද (31 වැනිදා) සිට සතියක කාලයක් බූස්ටර් එන්නත ලබාදීම සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.
මෙතෙක් බූස්ටර් එන්නත ලබානොගත් සියලුදෙනාට මෙම සතිය තුළදී ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ රෝහලට ගොස් එන්නත ලබාගත හැකි බවද සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
එසේම මෙරට කිසිඳු පුද්ගලයකුට බලහත්කාරයෙන් එන්නත ලබාදීම සිදුනොකරන බවත් සෑම දෙනාම එන්නත ලබා ගැනීම යුතුකමක් බවත් ඔහු කීය.
එන්නත ලබාගැනීම ප්‍රමාද කිරීමේ ප්‍රතිඵලය මරණය විය හැකි බවද සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
ඉදිරියේදී පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත ලබාගත් බවට තහවුරු කිරීම අනිවාර්ය කිරීමට කටයුතු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවද සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති