අවශ්‍ය පරිදි ඉන්ධන ලැබුණහොත් අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
ඊයේ පස්වරුව වනවිට දැවි තෙල් මෙට්‍රික් ටොන් 100 ක් ලැබීමත් සමග කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට මණ්ඩලයට හැකිවුණා.
ප්‍රමාණවත් තරම් ඉන්ධන ලැබීමත් සමග සැලසුම් කළ පිරිදි විදුලිය කප්පාදු නොකළ බවයි ලංකා විදුලි ඉංජිනේරු සංගමය ද සඳහන් කලේ.
පවතින තත්ත්වය හමුවේ ඉදිරි දින කිහිපය ද කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට හැකිවනු ඇති බව ඔවුන් වැඩිදුරටත් කියාසිටියා.
මේ අතර විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සෘජුවම ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා ප්‍රකාශ කළා.
මේ අතර මංගල උත්සව පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය විසන්දි නොකරන ලෙස ශ්‍රී ලංකා මංගල සේවා සැපයුම්කරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවක දී එම සංගමයේ සභාපති එස් රංග මහතා මෙලෙස අදහස් පල කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති