ශ්රී ලංකාව නියෝජනය කරමින් අශ්වාරෝහක ඉසව්වෙන් ඔලිම්පික් නියෝජනයට වරම් ලබා සිට එම අවස්ථාව අහිමි වූ මැටිල්ඩා කර්ල්සන් විසින් ඒ වෙනුවෙන් ගොනු කරන ලද අභියාචනාවක් සැලකිල්ලට ගෙන ඇයට නැවත ඔලිම්පික් වරම් ලබා දීමට ක්රීඩාව සඳහා වූ බේරුම්කරණ අධිකරණය කටයුතු කර තිබේ.
ශ්රී ලංකාවේ ඉපිද පසුව ස්වීඩනය බලා සංක්රමණය වූ ඇය ශ්රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරග සඳහා සහභාගී වූ අතර, ආසියානු කලාපයේ අග්නිදිග ආසියානු සහ සාගර කලාපයේ මුල් ස්ථාන 2ක අතරට ඈ සුදුසුකම් ලැබුවාය. ඇය සුදුසුකම් ලැබීම සඳහා තරගාවලි කිහිපයක් සඳහා ඉකුත් 2019 වසරේදී මුහුණ දුන් අතර එම තරගාවලිවලින් ලැබූ ප්රසාද ලකුණු මත මැටිල්ඩා මෙලෙස ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවිය. නමුත් අන්තර්ජාතික අශ්වාරෝහක සම්මේලනය විසින් ඇය තරග වැදී සුදුසුකම් ලැබීමේ තරගාවලි කිහිපයක් සිය සම්මේලනයේ නිර්දේශිත නොවූ බව පවසමින් මැටිල්ඩාගේ ඔලිම්පික් වරම අහුරා දැමීය.
ප්රංශයේදී පැවැති මෙම තරගාවලි අන්තර්ජාතික අශ්වාරෝහක සම්මේලනය විසින් අනුමත කර ඇති බවට වාර්තා වූ අතර එය සිය අත්වැරදීමකින් සිදුවූවක් බව අන්තර්ජාතික අශ්වාරෝහක සම්මේලනය විසින් අධිකරණය වෙත පවසා තිබේ. ඒ අනුව අදාළ සම්මේලනය ලබාදුන් තීරණයට විරුද්ධව මැටිල්ඩා දිගින් දිගටම අභියාචනා ඉදිරිපත් කළේය. අන්තර්ජාතික සම්මේලනය විසින් ලබා දුන් එම තීන්දුවට වසරකට පසුව ක්රීඩාව සඳහා වූ බේරුම්කරණ අධිකරණය විසින් මැටිල්ඩාගේ අභියාචනාව පිළි ගනිමින් ඇයට නැවත ඔලිම්පික් වරම ලබා දුන්නේය. ඒ අනුව අශ්වාරෝහක ක්රීඩා ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් නියෝජනය කරන ප්රථම ශ්රී ලාංකිකයා බවට මැටිල්ඩා කාර්ල්සන් පත් වී තිබේ. ඇය ‘ෂෝ ජම්පින්’ ඉසව්ව සඳහා සහභාගි වීමට නියමිත අතර ඇය ඒ ‘චෝපින්’ නම් අශ්වයා සමගින් තරග වදී.
- aruna news
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්