පවතින අධික උණුසුමත් සමඟ ඇති වූ ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ලිටන් ගම්මානය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිනිත්තු 15ක් ඇතුලත මුළු ගම්මානයම ගින්නෙන් විනාශ වූ බව ලිටන් නගරාධිපති ජෑන් පොල්ඩර්මන් බීබීසී ලෝක සේවයට පවසා ඇත.
ගින්නත් සමඟ ජනතාව කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ගින්නෙන් කිහිප දෙනෙකු තුවාල ලැබූවත් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 යි දශම 6 ක් ලෙස සටහන් වී ඇති අතර දශක ගණනාවකට පසු කැනඩාවට බලපෑ උණුසුම් කාලගුණික තත්ත්වය මෙය බව සඳහන් වේ.
අධික උණුසුම හේතුවෙන් දින 5 ක් තුළ කැනඩාවේ පුද්ගලයින් 486 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වේ.


More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි