අධිවේගී මාර්ගවල දෛනික ආදායම 70% කින් පමණ පහත වැටී තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. වීරකෝන් මහතා සඳහන් කළේ, පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
අර්බුදකාරී වාතාවරණයට පෙර අධිවේගී මාර්ගවල දෛනික ආදායම මිලියන 30 ඉක්මවාගොස් තිබුණා.
කෙසේ වෙතත් මේ වන විට දෛනික ආදායම මිලියන 8කට පමණ පහත වැටී ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
කෙසේ වෙතත් අධිවේගී මාර්ග නඩත්තු හා සේවා කටයුතු සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට