අධි ගුණාත්මක විවෘත භාවය තහවුරු කරමින් විවෘත ආකාරයකින් යුත් ලෝක ආර්ථිකයක් ගොඩනැංවීමට චීනය සක්‍රීය අයුරින් පෙනී සිටී.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ(29) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
ඔහු පවසන්නේ මේ දිනවල පැවැත්වෙන පළමු වැනි චීන ජාත්‍යන්තර සැපයුම්දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය සැපයුම්දාමය ප්‍රධාන කරගත් ජාතික මට්ටමේ ප්‍රදර්ශනය බවයි. චීනයේ, ඉහළ මට්ටමේ විවෘත භාවය තහවුරු කිරීම සඳහා වන නව වේදිකාවක් වන්නේ ද මෙයයි. මේ සඳහා දෙස්-විදෙස් ව්‍යවසායන් හා ආයතන 515ක් එක්ව සිටී. එක්වන්නන්ගෙන් විදෙස් ව්‍යවසායන් 26%ක අගයක් ගැනේ. ඒ අතරින් ඇමරිකාවේ එක්වන්නන් 20%ක අනුපාතයක් වීම විශේෂත්වයකි.
ජගත් ප්‍රජාව තුළ, විවෘත භාවය හා සංවෘත භාවය යන ආකෘති දෙක පවතී. අධි ගුණාත්මක විවෘත භාවය අනුගමනය කිරීම චීනයේ තේරීම බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටී.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්