අන්තර්ජාලය ඔස්සේ ඉතා සූක්ෂම ලෙස පක්ෂීන් විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු වනජීවී හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මාතලේ ප්රදේශයේදියී.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා සන්තකයේ තිබී අළු ගිරවුන් 6ක් සහ පැටවුන් 6ක්, සැළලිහිණියෙකු සහ පැටවුන් 3ක්, ලබු ගිරවු පැටවුන් 6ක් ද සිටි බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.
සත්වවේදීන් දෙදෙනෙකු විසින් ලබා දුන් තොරතුරකට අනුව අදාළ වැටලීම සිදු කර තිබෙනවා.
සැකකරු මාතලේ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ