මෙරට තුල අනවසරයෙන් රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ විවිධ මූල්‍ය වංචා සිදුකළ බවට සැකකරන නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කිස්ස ප්‍රදේශයේදී ඊයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරකට අනුවයි.
මෙරට තුල අනවසරයෙන් රැදී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවන් සිදුකළ නයිජීරියානු ජාතිකයන් කිහිපදෙනෙකු අවස්ථා ගණනාවකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනා.
මෙම සැකකරුවන්ගේ ගොදුරු බවට පත්වීම වළක්වාගැනීම සදහා අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය ගණුදෙණු කටයුතු සිදුකිරීමේදී වඩාත් අවධානයෙන් සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවට දැනුම් දෙනවා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්