කොවිඩ් 19 වෛරස තත්වය සදහා ගුණදායක බව පවසමින් දේශීය වෙදකම තුළ භාවිතා වන අමුද්‍රව්‍යයන් සහිතව අන්තර්ජාලය තුළ සංසරණය වන විවිධ ඖෂධ වට්ටෝරු භාවිතා කිරීමෙන් වළකින ලෙස දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
තම ශරීර ප්‍රතිශක්තිය වර්ධනය උදෙසා දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම භාවිතා කළද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර ඇති සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැදීම අත්‍යවශ්‍ය බවයි අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.
ඇතැම් සංයෝග සිරුරට අහිතකර විය හැකි බවද මෙහිදී අවධාරණය කෙරුණා.
දේශීය ඖෂධ කිහිපයක් පිළිබදව මේවන විට පර්යේෂණ සිදුකරගෙන යනු ලබන බවත් එම පර්යේෂණ අවසන් වූ වහාම ඒ පිළිබද ජනතාව දැනුවත් කිරීමට කටයුතුකරන බවයි දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්