ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් නොවී නිර්මාණය කරන කිසිඳු අන්තර්කාලීන ආණ්ඩුවකට සමගි ජනබලවේගය එක්නොවන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ නිදහසේ අරගලය යන තේමාව යටතේ නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයේ පැවති කම්කරු දින සැමරුම් උත්සවයට එක්වෙමින්.
ඒ සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද එක්ව සිටියා.
මේ අතර ජන පීඩක ආණ්ඩුව පන්නමු – ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනගමු යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය සංවිධානය කරන ප‍්‍රධානතම මැයි රැළිය එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රියපොල අසළදී පැවැත්වුණා.
එමෙන්ම අන්තර් කාලීන ආණ්ඩුවක් බිහි කිරීමට බල කරන අධිරාජ්‍ය විරෝධි මැයි රැළිය යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කළ මැයි දින සැමරුම බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේදී පැවැත්වුණා.
ඒ එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට