අයුතු ජනරාශිගතව පෙළපාළියක් පවත්වා රාජ්‍ය දේපළවලට අලාභහානි කිරීම, රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට බරපතළ තුවල සිදු කිරීම, සංචරණ සීමා කඩ කරමින් සෙනඟ ප්‍රවාහනය ඇතුළු චෝදනා සම්බන්ධයෙන් කඩුවෙළ අධිකරණයට ඉදිරිපත් කළ පස්දෙනාගෙන් දෙදෙනකු රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් තිදෙනකු ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙසත් කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල රත්නායක මහතා නියෝග කළේය.
රිමාන්ඩ් බාරයට පත්කරන ලද්දේ ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු අමිල සංදීප යන දෙදෙනා ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබා ඇත.
බසර රථවලින් සෙනග ප්‍රවාහනය කළ බව කියන ආර්.ඒ. රජිත, ජයන්ත උපුල්, ගුණතිලක ගෙදර නිලවීර යන තිදෙනා ඇප මත මුදා හැරියේය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට