ශ්‍රී ලංකාවේ අන්තවාදීන් මර්දනය කිරීම සඳහා සහාය දැක්වීමට රුසියානු රජය ඉදිරිපත් වී තිබෙනවා.
ඒ අනුව මානුෂීය ආධාර මුවාවෙන් මෙරට අන්තවාදීන්ට අරමුදල් සපයන විදේශ සංවිධාන 20 ක් පිළිබඳ තොරතුරු හෙළි වී ඇති බව සඳහන්.
එම තොරතුරු ශී‍්‍ර ලංකාවට ලබා දෙන බව ශී‍්‍ර ලංකාවේ රුසියානු තානාපති යුරි මටෙර් මේට් ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර වෙත මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට අන්තවාදීන් 1000 ක් රහසිගතව කි‍්‍රයාත්මක වන බව බුද්ධි සේවාවන් විසින් සොයා ගෙන තිබෙනවා
මේ නිසා ප‍්‍රථම වරට SFB බුද්ධි සේවාව විදෙස් අන්තවාදී සංවිධාන සහ ඔවුන් ශී‍්‍ර ලංකාවේ අන්තවාදීන් සමඟ සබඳතා පවත්වන ‘ඇප්’ අඩවි ගැන ද තොරතුරු මෙරටට සපයනු ලබනවා.
කෙසේ වෙතත් මෙම විදෙස් අන්තවාදී සංවිධාන නිරීක්ෂණය කිරීමේ පහසුකම් ශී‍්‍ර ලංකාවේ හමුදාවට රහස් පොලිසියට හෝ බුද්ධි සේවාවන්ට නොමැති බව සඳහන්.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්