‘’ආසියාවේ අපට පොදු ප්රජාතන්ත්රවාදී අගයක්’’ නම් ජාත්‍යන්තර සමුළුවට ප්‍රධාන දේශනය පැවැත්වීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට ආරාධනා කරන්නේ ජපාන රජයයි. ජපාන රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය එම ආරාධනය ඉකුත් මාර්තු මාසයේදී නිල වශයෙන් ජපන් තානාපති කාර්යාලය හරහා සිදු කරන ලදී.
මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ජපානයට යෑමට බලාපොරොත්තුව වුවත් කෝවිඩ් වසංගත තත්වය හමුවේ එම සමුළුවට සහභාගී වීම සඳහා ජපානයට පිටත්ව යාම නොහැකි බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දන්වන ලදි.
ඒ අනුව zoom වීඩියෝ තාක්ෂණය ඔස්සේ එම සමුළුව ඇමතීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා තිරණය කරන ලදි.
ජපාන ආග්රාමාත්යවරයා වන සුගා යොශිහිදේ මැතිතුමා ආරම්භක කතාව සිදුකරන අතර විශේෂ පණිවිඩයක් ඉංදීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා එක්කරන ලදි.
මෙම සමුළුවේ වැදගත්ම ප්‍රධානම දේශනය සිදු කරෙනු ලැබුවේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යි.
මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ග්රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා තෝරාගැනීමට ආසන්නතම හේතු සාධකය වූයේ ආසියානු කලාපය තුළ ගෙවුණු වසර 5 තුළදී වඩාත් ප්රජාතන්ත්රවාදී අගයන් ස්ථාපිත කිරීමට කටයුතු කළ ප්‍රමුඛම රාජ්‍ය නායකයා ලෙස එතුමා පිළිගන්නා බවත් එතුමාගේ අත්දැකීම් බෙදාහදා ගැනීමට කලාපයේ සෙසු නායකයන් කැමැත්ත පළ කරන බවත් මේ අනුව එතුමා ග්රී ලංකාව වෙනුවෙන් ආසියාවේ අපට පොදු ප්රජාතන්ත්රවාදී අගයක් යන ජාත්‍යන්තර සමුළුව ඇමතීමට මාර්ගය විවර වෙන ලදී.
අනාගතය සඳහා අවශ්‍ය වන්නේ ප්රජාතන්ත්රවාදී ප්රවර්ධනයක් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.
සිය පාලන සමය තුළ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පියවර රැසක් ගත් බව ද එහිදි ඔහු ප්‍රකාශ කළා.
සම්පූර්ණ දේශණය මෙසේය,
https://www.facebook.com/maithripalas/videos/171960727984123
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ