තමන්ගේ අනාගතය අවිනිශ්චිත යැයි බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ පවසයි. බ්‍රසීල ජනාධිපතිවරණය ලබන 2022 වසරේ පැවැත්වීමට නියමිත අතර, බොල්සරානෝ යළි ජනාධිපති ධුරය අපේක්ෂාවෙන් පසුවෙයි.
ජනාධිපතිවරණයෙන් තමන්ට ජයග්‍රහණය කිරීමට නොහැකි වුවහොත්, එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිරදඩුවම් විදීමට සිදුවනු ඇති බව හෙතෙම කියයි. ජනාධිපතිවරයා මෙසේ කියා ඇත්තේ එම චෝදනා සියල්ල දේශපාලන පළිගැනීම් බව ද පෙන්වා දෙමිනි. ඊට අමතරව, තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බැවින්, තමන්ට මියයෑමට පවා සිදුවනු ඇති බව ද ජනාධිපති බොල්සරානෝ පවසා ඇත.
‘මගේ අනාගතය අවිනිශ්චිතයි. එක්කෝ මාව අත්අඩංගුවට ගනීවි. නැතිනම් මා මරා දමාවි. එහෙමත් නැතිනම් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්න මට හැකිවේවි. වෙන විකල්ප ඇත්තේ නැහැ. මෙයයි මගේ අනාගතය’ යැයි 66 හැවිරිදි බොල්සරානෝ මෙසේ පැවැසුවේ ඔහුගේ පක්ෂ ආධාරකරුවන් අමතමිනි.
බොල්සරානෝ නියෝජනය කරන්නේ බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික බල කඳවුරය. ඔහුට මේවනවිටත් වාමාංශික බල කඳවුරට නායකත්වය දෙන හිටපු ජනාධිපතිවරයකු ද වන ලූලා ද සිල්වාගෙන් අභියෝගයක් එල්ල වී අවසන්ය. බ්‍රසීල වැසියන් බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත්තේ, දූෂණ චෝදනාවලට වරදකරු වී, සිරදඩුවම් විඳ යළි දේශපාලනයට පිවිසෙන ලූලා ද සිල්වා 2022 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ඇති බවය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි