අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගැණුනු හෝමාගම, පිටිපන උතුර ප‍්‍රදේශයේ සිල්වස්ටන් වත්ත, 4 වන පටුමගේ නිවසේ සිටි කාන්තාවගෙන් පොලීසිය ඊයේ (01) පැය පහකට වැඩි වේලාවක් ප‍්‍රශ්න කර තිබෙනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ද ඇයගෙන් ප‍්‍රශ්න කළ බවයි පොලීසිය පැවසුවේ.
රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව හෝමාගම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී එම නිවසේ රහස් කුටියක සඟවා තිබියදී රිපිටර් වර්ගයේ ගිනිඅවියක්, එම සජීව උණ්ඩ 04 ක්, මිලිමීටර් නවය වර්ගයේ උණ්ඩ 77 ක්, අත්බෝම්බ 7 ක්, වෙඩි නොවදින ඇඳුම් 02 ක් සහ හදුනා නොගත් උණ්ඩ 04 ක් ද සොයා ගැණුනා.
අත්අඩංගුවට ගැණුනු කාන්තාව ඉකුත් 29 වැනිදා හෝමාගම, පිටිපන නගරයේ පෞද්ගලික සමාගමකට අයත් තට්ටු 5 ක ගොඩනැගිල්ලේ හිමිකරුගේ අනියම් බිරිද බවයි පොලීසිය පැවසුවේ.
ඔහු විසින් රුපියල් ලක්‍ෂ 50 ක මිලකට 2013 වසරේදී අදාළ නිවස මිලට ගෙන මෙම කාන්තාව එහි පදිංචි කර තිබෙනවා. ඇය අවිවාහක කාන්තාවක් වන අතර ඇය සමග එම නිවසේ පදිංචිව සිට ඇත්තේ ඇගේ සොහොයුරියකගේ දරුවන් දෙදෙනෙකු සමගයි.
කෙසේවෙතත් ඇය පොලීසියට ප‍්‍රකාශ කර ඇත්තේ සිය නිවසේ තිබූ අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය පිළිබද තමන් කිසිවක් නොදන්නා බවයි. පොලීසිය සැක කරන්නේ අදාළ කාන්තාවට නිවස ලබාදීමට පෙර සැකකරු විසින් එහි රහස් කුටියක මෙම අවි ආයුධ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සඟවන්නට ඇති බවටයි. අත්අඩංගුවට ගැණුනු සැකකාර කාන්තාව හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (02) ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉකුත් 29 වනදා ද හෝමාගම පිටිපන නගරයේ පෞද්ගලික සමාගමකට අයත් තට්ටු 5 ක ගොඩනැගිල්ලේ පහත මාලයේ ව්‍යාපාරික භාණ්ඩ ගබඩාවක තිබී ගිනි අවි රැසක් සොයා ගැණුනා. ඒ අතරට T 56 ගිනි 11 ක් සහ T 81 ගිනි අවියක් ද අයත්. සිද්ධිය සම්බන්ධයෙන් එම ගොඩනැගිල්ලේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනා. ඔහු කොස්ගොඩ තාරකගේ සමීපතමයෙකු බව කියන පොට්ට කපිල නමැත්තායි.
ඒ අනුව මෙලෙස සොයාගත් අවි ආයුධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක නමැත්තාට අයත් බවටයි අනාවරණ වී ඇත්තේ.





More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට