ජනාධිපති ධුරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා තරග කිරීමට සූදානම් බව ජාතික ජන බලවේගය අද නිවේදනය කළා.
එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඒ බව සදහන් කළා.
මේ වනවිට පුරප්පාඩු වී තිබෙන විධායක ජනාධිපති ධූරය සඳහා තමන් තරග කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද කියා සිටිනවා.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
මේ අතර හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් ද ජනාධිපති ධූරයට තරග කරන බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට