මෙරට ඉදි වූ පළමු වැව ලෙස සැලකෙන අනුරාධපුරයේ පිහිටි අභය වැව ලෝක උරුමයක් බවට පත්කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර ඇත.
ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී පණ්ඩුකාභය රජු විසින් අභය වැව ඉදිකරන ලද අතර ඊට පෙර ඉදිවූ වැව් පිළිබඳ වෙනත් රටවලින් වාර්තා වී නැතැයි ශ්‍රී ලංකා යුනෙස්කෝ කාර්යාලයේ මහා ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා පැවසීය.
ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා අවශ්‍යතා දහයක් ඇති අතර එයින් එකක් හෝ සම්පූර්ණ කර තිබිය යුතු බවත් අභය වැව ඉන් අවශ්‍යතා හතරක් සපුරා ඇති බවත් ආචාර්ය මීගස්වත්ත මහතා කීය.
අභය වැව ලෝක උරුමයක් කිරීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් අවසන් කර ඇතැයි කී යුනෙස්කෝ ශ්‍රී ලංකා කාර්යාලය මහ ලේකම්වරයායි ඒ සඳහා වන අවශ්‍යතා සපුරමින් යැයිද කීවේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති