රජය විසින් සීනි වල බදු මුදල ඉවත් කළේ සිය මිතුරන් හට වාසි ලබා දීමට බවත් එම බදු ඉවත් කිරීමේ වාසි ජනතාවට ලැබී නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙනවා.
ඒ මහතා පෙන්වා දෙන්නේ රු.50ක්ව පැවති සීනි මත බදු මුදල පසුගිය ඔක්තෝබර් මස 13වනදා ගැසට් පත්‍රයක් මගින් ශත 25ක් දක්වා අඩු කළද වෙළඳපොලේ එම මිලට සීනි නොමැති බව එම මහතා පෙන්වා දෙනවා.
මීට හේතුව වශයෙන් ඔහු පවසන්නේ එසේ ගෙන්වූ සියළුම සීනි ලබා ගත්තේ ආණ්ඩුවේ හිතවාදීන් පිරිසක් බවයි.
මීට අග්‍රාමාත්‍යවරයා විරෝධය පළ කළද එය පවා නොසලකා ජනාධිපතිගේ නියෝග මත මෙය සිදුවූ බව එම මහතා වැඩිදුරටත් පවසනවා.
මේ අතර වර්තමාන රජය සහල් සඳහා උපරිම මිල ගණන් නියම කරමින් ගැසට් නිවේදන 5 ක් නිකුත් කළද ජනතාවට සහන මිළට සහල් ලබාදීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විපක්ෂය චෝදනා කරනවා.
වෙළද අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබද විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියා.
සහල් මිළ පාලනයට නිශ්චිත වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි ඔහු පවසන්නේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්