මෙරට ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරියෙකු වන අනුෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.
ඒ අනුව එම පත්කිරීම 2021 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වේ. අනුෂ පැල්පිට මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කළේය.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළේ ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතාය. ඒ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර පුරප්පාඩු වූ එම ලේකම්ධූරයට අනුෂ පැල්පිට මහතා පත් කර තිබේ.
ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා හිටපු රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කළේය.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග