තමන්ට එරෙහිව අධිකරණය හමුවේ විභාග වන නඩුවක තීන්දුව 8 වනදා ලබා දීමට නියමිත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.
ඒ අනුව තමන් එදිනට හිරේ යාමට නියමිත යැයි ද ඔහු පැවසීය.
අද දින තමන්ගේ පාර්ලිමේන්තුවේ අවසන් දිනය යැයිද ඒ මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
රන්ජන් රාමනායක මන්ත්රීවරයා විසින් දිනයට අදාළ අයවැය ශිර්ෂයට අදාළව කතා නොකරන බවට ආණ්ඩු පක්ෂයෙන් චෝදනා එල්ල වීමත් සමඟ සභාවේ තත්ත්වය උණුසුම් විය.
රන්ජන් රාමනායක මහතාගේ ප්රකාශ හමුවේ දිගින් දිගටම ඔහුට ආණ්ඩු පක්ෂයෙන් බාධා එල්ල වුණු අතර එහිදී මන්ත්රීවරයා කතානායකවරයා අමතා ප්රකාශ කර සිටියේ “අනේ සර්, අද තමා මං කතා කරන අන්තිම දවස සර්, අවසර දෙන්න සර්” යනුවෙනි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්